14 January 2026

logo

විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකවරයෙක් අත්අඩංගුවට



රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. 

කොළඹ ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් කරදීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා එම දෙමාපියන්ගෙන් සැකකරු විසින් රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

සැකකරු විසින් ලක්ෂයක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති අතර ඉතිරි මුදල ලබාගැනීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 



(colombotimes.lk)