14 January 2026

logo

ප්‍රධාන මාර්ග සංවර්ධනයට පියවර



දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක් වූ ප්‍රධාන මාර්ග 39ක් ස්ථිර වශයෙන් ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ (13) එම ස්ථාන පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ නුවරඑළි දිස්ත්‍රික් ප්‍රධාන විධායක ඉංජිනේරු කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශවල මාර්ග මෙලෙස පරික්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට තාවකාලිකව සකස් කර ඇති මාර්ග ස්ථිර වශයෙන් සකස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥ ඉංජිනේරු සංචිත ජයකොඩි ඇතුළු නිරීක්ෂක පිරිස පියවර ගෙන තිබෙනවා.

මෙම සංචාරයට මධ්‍යයම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ පර්යේෂණ අංශ නිලධාරීන්ද එක්ව සිටියා.










(colombotimes.lk)