26 September 2025

logo

හිටපු ජනපති රනිල්ගෙනුත් ශෝක පණිවිඩයක්



නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස් විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලුදෙනා වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ අනතුරින් තුවාල ලැබ රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි. 

සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමින් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළ කළ නිවේදනයේ සඳහන් වනවා. 

(colombotimes.lk)