මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්ගේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩා වැටීමෙන් එහි වැඩම කළ භික්ෂූන් වහන්සේ සත් නමක් අපවත් වුණා.
ඒ අතර රුසියානු, රුමේනියානු සහ ඉන්දීය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද වන බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ඩක්කුවේ වැඩම කළ තවත් භික්ෂූන් වහන්සේලා සය නමක් මේ වන විටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.
එලෙස අපවත් වී වදාළ හිමිවරුන් පහතින්,
1. පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි - (අවුරුදු 47)
2. පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි - (අවුරුදු 27)
3. පූජ්‍ය නුගේගොඩ විපස්සී හිමි - (අවුරුදු 37)
4. ඉන්දියානු ජාතික පූජ්‍ය ධම්මගවේසී හිමි - (අවුරුදු 31)
5. පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි - (අවුරුදු 59)
6. රුමේනියානු ජාතික පූජ්‍ය ධම්මරංසි හිමි - (අවුරුදු 48)
7. රුසියානු ජාතික පූජ්‍ය ධම්මරක්ඛිත හිමි - (අවුරුදු 48)
(colombotimes.lk)