26 September 2025

logo

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැර හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්



එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුකරවලදී ගෙවෙන ලෙස නියම වූ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබලා ලබන ජනවාරි මස 26වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නීතිපතිවරයාට නියම කර තිබෙනවා. 

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා එම පෙත්සම් අද (25) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)