පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 - 65 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
(colombotimes.lk)