වසරක් තුළ නෙළුම් කුළුණේ ලාභය රුපියල් මිලියන 194 සිට මිලියන 534 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් සහ ප්‍රධාන විධායක නිලධාරී චමරු ද අල්විස් පවසනවා.
ඔවුන් සඳහන් කළේ පිරිවැය අඩුකර ගනිමින් කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා එම ආයතනය කටයුතු කර ඇති බවයි.
රුපියල් මිලියන 1000ක් දක්වා වසරක ලාභය වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළා.
(colombotimes.lk)