29 January 2026

logo

ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක්



කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

මෙම රක්ෂණ මාසය 2026 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලුනූ, සෝයා බෝංචි, මිරිස් ඇතුළු සෑම බෝගයක් සඳහා නියඟය, ගංවතුර, වනඅලි, කෘමි හානි, ගිනි හානි රෝග සහ පලිබෝධවලින් සිදුවන සෑම හානියක් සඳහාම රක්ෂණ ආවරණ ලබාගැනීමට හැකියාව පවතිනවා. 

එමෙන්ම සුළු වාරික මුදලක් ගෙවා ලබාගන්නා රක්ෂණාවරණයන් ස්වභාවික හානි ඇතුළුව සිදුවන වගා හානි වෙනුවෙන් වන්දි  ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)