08 December 2025

logo

විදෙස් ආධාර කළමනාකරණයට ජාතික මට්ටමේ කමිටුවක්



ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට හිමිවෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීමට ජාතික මට්ටමේ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ බව ප්‍රකාශ කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම කමිටුව මඟින් විදෙස් රටවල්වලින් ලැබෙන ආධාර හා උපකරණ ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට නිසිලෙස ලබාදීමට කටයුතු කරන බවයි. 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර තිබෙනවා. 

(colombotimes.lk)