වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
