පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙරට සිදු වූ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ අද (08) විශේෂ දැනුවත් කිරීමක් සිදු කළා.
එහිදී ඔහු සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් කුඹුරු හෙක්ටයාර 108,000ක ප්‍රමාණයක් ද, බඩඉරිඟු හෙක්ටයාර 6,600ක්, උඩරට සහ පහතරට එළවළු වගා අතුරින් හෙක්ටයාර 6,143ක් මෙන්ම අනෙකුත් භෝග 11,000ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.
මෙම විනාශ වූ සමස්ත වගා හානි සඳහා කඩිනමින් වන්දි ලබාදීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ සඳහන් කළා.
(colombotimes.lk)
