08 December 2025

logo

චීන ආධාර තොගයක් රැගත් ගුවන්යානයක් දිවයිනට



මහජන චීන ජනරජය විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 400ක් වටිනා ආධාර තොගයක් රැගත් ගුවන්යානයක් අද (08) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. 

එම ගුවන්යානය තුළ කිලෝග්‍රෑම් 84,525ක් බරැති ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිළි ආදී වූ ආධාර තොගයක් ද එලෙස රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී චැන්ග් හොන්ග් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා. 

(colombotimes.lk)