08 December 2025

logo

ආපදා මරණ තවත් ඉහළට



මුළු දිවයිනටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයන් 192ක් තවමත් අතුරුදන්වී තිබෙන බවයි. 

එමෙන්ම පවුල් 512,123කට අයත් පුද්ගලයන් 1,766,103ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වී සිටිනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි. 

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 37ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී තිබෙනවා. 

එමෙන්ම පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හී රැඳී සිටින බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)