08 December 2025

logo

නාමල්ගෙන් විශේෂ ඉල්ලීමක්



ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් සහ අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවන මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින්.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපල හානි ද සිදු වූ බවද ඔහු විසින් ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වනවා.   

(colombotimes.lk)