22 January 2026

logo

අස්වැසුම් ප්‍රතිලාභ ගැන දැනුම්දීමක්



අස්වැසුම හිමිකම් ලැබූ 62,498දෙනෙක් මෙතෙක් අදාළ ප්‍රතිලාභ ලබාගෙන නොමැති බව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. 

මෙයට හේතු වී ඇත්තේ ඔවුන් තවමත් සිය බැංකු ගිණුම් විවෘත කර නොමැතිවීමයි. 

අස්වැසුම හිමිකම් ලැබූවන්ට සිය බැංකු ගිණුම් විවෘත කර තොරතුරු ලබාදීමෙන් පසුව අස්වැසුම ප්‍රතිලාභ හිමිවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයන් 1,657,621දෙනක් මේ වන විට අස්වැසුම ප්‍රතිලාභීන් බවට පත්ව ඇති අතර තවත් 67,531දෙනක් අභියාචනා හා විරෝධතා හේතුවෙන් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින බවයි

එමෙන්ම අදාළ පරීක්‍ෂණවලදී නිවැරදි වන පුද්ගලයන්ට ප්‍රතිලාභ හිමිවන බව ද අමාත්‍යවරයා කියා සිටියා. 

(colombotimes.lk)