ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (22) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු කරන ප්‍රචාරණය නියාමනය කිරීම පවතින නීතිය යටතේ සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ කෙසේ වෙතත් ජනතාව පීඩාවට පත්ව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති බවත්, ඒවා සම්පාදනය කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවයි.
(colombotimes.lk)
