22 January 2026

logo

හෙට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්



දිවයින පුරා රෝහල්වල හෙට (23) උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි. 

කෙසේ වෙතත් මාතෘ, ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)