උතුරු පළාතේ පැවති යුධමය වාතාවරණය හේතුවෙන් 1985 වර්ෂයේදී පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසා දමා තිබෙනවා.
එය නැවතත් වසර 40කට පසු ඉදිකිරීමේ අරමුණින් ඊයේ (21) මුල් ගල තබා තිබෙන බවයි වර්තා වන්නේ.
රුපියල් මිලියන 6900ක ආයෝජනයකින් මෙම කර්මාන්තශාලාව මාස 30කින් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.
කර්මාන්තශාලාව මඟින් දේශීය වෙළඳපොළ ඉල්ලීම සංතෘප්ත කිරීම සඳහා පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC) සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ල (HCL) නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
