චෝදනාවන්ට ලක් වූ අක්කරෛයිපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දින 05ක් පුරා නැගෙනහිර පළාතේ දියත් වූ වෛද්‍ය වැඩ වර්ජනය අද (22) දහවල් 02.00ට අවසන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
