28 November 2025

logo

සමාජ මාධ්‍යයේ සංසරණය වන සාවද්‍ය පුවතක් ගැන පැහැදිලි කිරීමක්



රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වේලි ඉරිතලා ඇති බවට සමාජ මාධ්‍යවල පළ වූ සාවද්‍ය තොරතුරක් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පැහැදිලි කිරීමක් මීට සුළු මොහොතකට පෙර සිදු කළා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ එම ජලාශ වේලි ආශ්‍රිතව මේ වන විට එවැනි කිසිදු අවදානමක් නොමැති බවයි.

මෙවැනි වූ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.  

(colombotimes.lk)