28 November 2025

logo

හසලක නායයෑමකින් පුද්ගලයන් 05ක් ජීවිතක්ෂයට



හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයන් 05දෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් 12දෙනෙක් අතුරුදන් වී තිබෙනවා. 

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ අතුරුදන් වූ පුද්ගලයන් සොයා මේ වන විටත් විශේෂ මෙහෙයුම් සිදු කරන බවයි. 

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස පෙළක් නායයෑමකට ලක්වී තිබෙනවා. 

දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් සඳහන් කළේ නිවාස 05ක් මෙලෙස නායයෑමට ලක්වී තිබෙන බවයි. 

එම නිවෙස්වල සිටි පුද්ගලයන් අතුරුදන් වී සිටින අතර ඔවුන් මුදා ගැනීම සඳහා එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)