පවතින අයහපත් කාලගුණයත් සමඟ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙන බව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර ප්‍රකාශ කළා.
ඒ අද (28) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.
ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ද දුෂ්කර වී තිබෙන බවයි.
එම විදුලි විසන්ධිවීම් යටතේ නැගෙනහිර, මධ්‍යම, උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබෙන බව සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම කිලෝවෝට් 132,000ක ධාරිතාවයෙන් යුත් රන්දෙණිගල, රන්ටැඹේ, මහියංගනය අතර ඇති රැහැන් මාර්ගයද මේ වන විට කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
