20 February 2026

logo

මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ හෙළිදරව්වක්



තලංගම, අකුරේගොඩදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙක් සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙක් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ අද (20) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි.

එම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. 

(colombotimes.lk)