අනුරාධපුර කලාවැව පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පොල් ගසක් මත ඊයේ (27) සිට සිර වී සිටි පුද්ගලයෙක් ගුවන් හමුදා BELL-212 යානයෙන් මුදවා ගෙන තිබෙනවා.
එමෙන්ම අද (28) උදෑසන පොළොන්නරුව මනම්පිටිය පාලම මත සිටි පුද්ගලයන් 06දෙනෙක් ද ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් අද උදෑසන නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
