මේ වන විට ශ්‍රී ලංකාවට ළඟාවී ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවේ ඇති ගුවන්යානා, ආපදා තත්ත්වයට මුහුණදී ඇති ජනතාව ගලවා ගැනීම සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කරමින් තිබෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (28) දිනයේ මෙම විශේෂ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්.
ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දීය යුද නෞකාවේ ඇති ගුවන්යානාවල ගුවන් නියමුවන් ද කොළඹ සිට එම ගුවන් යානා ගුවන්ගත කිරීමේ අපහසුතාවයකට මුහුණ දී ඇති බවයි.
අද සවස මෙරට සිටින සියලුම විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.
(colombotimes.lk)
