20 January 2026

logo

කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නවතියි



පවතින අධික වර්ෂාවත් සමඟ කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ ගංවතුර තත්ත්වය හේතුවෙන් කඩවත දෙසින් අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන කඩුවෙල පිටවීමේ දොරටුවෙන් පිටවීම සම්පූර්ණයෙන් නවතා ඇති බවයි. 

එමෙන්ම කඩුවෙල දෙසින් පැමිණෙන වාහන කඩවත දෙසට ඇතුළුවීම ද සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. 

(colombotimes.lk)