28 November 2025

logo

ආපදා ගැන දැනුම්දෙන්න මෙහෙයුම් මැදිරි දුරකථන අංක කිහිපයක්



දිවයින පුරා මේ වන විට පවතින ප්‍රචණ්ඩකාරී කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට ආපදා පිළිබඳව දැනුම්දීම සඳහා දුරකථන අංක කිහිපයක් පොලීසිය විසින් හඳුන්වාදී තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නායයෑම්, පස්කඳු කඩාවැටීම්, ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් විශාල වශයෙන් මේ වන විට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන බවයි. 

එවැනි හදිසි අවස්ථාවන්වලදී දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 47හි මෙහෙයුම් මැදිරි වෙත ජනතාවට තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)