2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ (IRA) විධිවිධානවලට අනුව, බදු ගෙවන්නන් විසින් සෑම තක්සේරු වර්ෂයක්ම අවසන් වී මාස අටකට නොඅඩු කාලයකට පසු තම ආදායම් වාර්තා ගොනු කළ යුතු වනවා.
ඒ අනුව 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ගොනු කිරීමේ අවසාන දිනය 2025 නොවැම්බර් 30 වන දින එනම් හෙට (29) දිනට යෙදී තිබුණා.
කෙසේ වෙතත් “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් රට තුළ පවතින අහිතකර තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අදාළ වාර්තා ගොනු කිරීම සඳහා සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
2025 නොවැම්බර් 30වන දින සිට ඉදිරි දින අට තුළ (2025 දෙසැම්බර් 8 වන දින හෝ ඊට පෙර) අදාළ ලිපි ගොනු යොමු කළහොත්, ප්‍රමාද වූ ගොනු කිරීම සම්බන්ධයෙන් IRD කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව බදු ගෙවන්නන්ට දැනුම් දෙනවා.
ඒ අනුව එම වාර්තා ගොනු කිරීම සහතික කිරීම සඳහා මෙම සහන කාලය භාවිතා කරන ලෙස අදායම් බදු දෙපාර්තමේන්තුව සියලුම බලපෑමට ලක් වූ බදු ගෙවන්නන්ට නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
එම නිවේදනය පහතින්,
(colombotimes.lk)
