ඉන්දියාව විසින් මෙරටට ලබාදෙන ආපදා ආධාර තොගයක් රැගත් තවත් ගුවන්යානයක් අද (09) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම ගුවන්යානය ඉන්දීය ගුවන් හමුදාව සතු C- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන අතර එය ඉන්දියාවේ බටන්ගූර් නුවර සිට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන්යානය තුළින් මෙට්‍රික්ටොන් 61ක් බරැති අඩි 110ක් දිග බේලි යකඩ පාලමක්, කිලෝග්‍රෑම් 600ක් බරැති ඖෂධ තොගයක් රැගෙනවිත් තිබෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
