රුපියල් ලක්ෂ 20ක මුදලක් අල්ලස් ලෙස ගත් සුරාබදු සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කර නීති විරෝධී යන්ත්‍ර මඟින් ගංජා අඹරන බවට චෝදනා කර ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීමේ චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
