2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 29වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබෙනවා.
(colombotimes.lk)
