දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කිරීම අද (11) සිදු කර තිබෙනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ 07ක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර ඇති බවයි.
මේ සඳහා ඉදිරි මාස 04ක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 35ක පමණ වියදමක් දැරීමට සිදු වන බවද ඔහු කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස හතර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 35ක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් උත්සාහ කරන බවයි.
(colombotimes.lk)
