05 February 2026

logo

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් වාර්තාවක්



මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2025 වසර තුළ වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. 

එම සමාගම සඳහන් කළේ 2013 වසරේ ගුවන්තොටුපළ ආරම්භ කිරීමෙන් අනතුරුව වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව මෙය වන බවයි.

2025 වසර තුළ ගුවන් මගීන් 140,614දෙනෙක් මෙහෙයවීමට හැකි වී ඇති බව එම සමාගම සඳහන් කළා. 

එමෙන්ම ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ දත්තවලට අනුව 2025 වසර තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවීමටද හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

පසුගිය වසර 03 පුරා මත්තල ගුවන්තොටුපළ ගුවන් මගී හැසිරවීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. 

(colombotimes.lk)