05 February 2026

logo

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට විශේෂ දැනුම්දීමක්



රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ වනවා.
 
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ එළඹෙන 19වනදා දක්වා Online ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි. 
 
මේ අතර රාජ්‍ය සේවයේ නොමැති සෙසු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 20වනදා ආරම්භවීමට නියමිතව තිබෙනවා.
 
ඒ සඳහා 20වනදා පෙරවරු 9.00 සිට මාර්තු 5වනදා පස්වරු 9.00 දක්වා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම් කළ හැකියි. 

(colombotimes.lk)