05 February 2026

logo

ශ්‍රී ලාංකික ධීවරයන්ට පහරදීමේ චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි



ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයන්ට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළ හැකි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. 

ඉන්දීය නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයන්ට පහරදුන් බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ධීවරයන්ගේ ජීවනෝපාය සම්බන්ධ ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත් කිසිදු තත්ත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බවට නිරන්තරයෙන් ඉන්දියාව පවසන කරුණක් බව ඔහු ප්‍රකාශ කළා. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකා රජය සමඟ දිගටම කටයුතු කරන බවයි. 

පසුගිය 29වනදා මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහරදීමක් සිදුකළ බවට සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය චෝදනා කර තිබෙනවා. 

(colombotimes.lk)