05 February 2026

logo

කාදිනල් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරයි



මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැකගැනීම සඳහා මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය නමින් ආයතනයක් පිහිටුවන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළා. 

ඒ අගරදගුරු මැදුරේ අද (05) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වභාවික ජලය බැසයාමේ ක්‍රමවේදය මුතුරාජවෙල තෙත්බිම් හරහා නිර්මාණය වී ඇති බැවින් එහි තවදුරටත් අනවසර ඉදිකිරීම් සිදුවීම තුළ ඉදිරියේදී යළිත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ මහා ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි. 

(colombotimes.lk)