කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කළ මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු මැලේසියාවේ ක්වාලාම්පූර් සිට දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
(colombotimes.lk)
