05 February 2026

logo

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්



ජාතික පාසල් ගුරු දරු එකමුතුව ඔවුන්ගේ දරුවන් සමඟ අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසළ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ ජාතික පාසල්වල වසර 3ක් සේවය සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට තම දරුවන් එම පාසල්වලටම ඇතුළත් කරගැනීම සඳහා වූ වරප්‍රසාදය කිසිඳු හේතුවක් නොදන්වා 2025 සිට නවතා දැමීමට විරෝධය පළ කරමින්. 

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ලේකම් ඇතුළු නිසි බලධාරීන් හමුවුවද විසඳුමක් නොදුන් බව විරෝධතාකරුවන් සඳහන් කළා. 

ඔවුන් කියා සිටියේ එවැනි පසුබිමක සිය ගැටලුවට ලිඛිත විසඳුමක් ඉල්ලමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි. 

මෙම විරෝධතාවය සඳහා ජාතික පාසල්වල ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන්ද එක්ව තිබෙනවා.

(colombotimes.lk)