මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ඉහළ ස්ථානයක් හිමිකරගත් ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ තරුෂි කවිත්මා දියණියගේ විශිෂ්ට ජයග්‍රහණය අගයමින් ඇය වෙත රුපියල් 100, 000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම පසුගියදා සිදු කර තිබෙනවා.
ඒ එම විද්‍යාල පරිශ්‍රයේදීයි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකාරිනි ශීලා ගුණවර්ධන මහත්මිය, පැල්මඩුල්ල ශාඛා කළමනාකරිනි තිළිණි අතපත්තු මහත්මිය සහ විදුහල්පති මෛත්‍රී ආරියසේන යන අය සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)