23 September 2025

logo

විදුලි සේවක වෘත්තීය සමිති අවසන් තීන්දුව දෙන දවස කියයි



ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති මේ වන විට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව එළඹෙන බදාදා දක්වා සිදු කිරීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත ප්‍රකාශ කළා. 

ඒ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 
 
සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ලබන 24වනදා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්න්ධයෙන් තීරණයකට එළැඹෙන බව ඔවුන් කියා සිටියා. 

(colombotimes.lk)