23 September 2025

logo

දවසකදී දකුණෙන් ඇල්ලූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි කරයි



තංගල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනිඅවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 245ක්, අයිස් කිලෝග්‍රෑම් 380ක්, පිස්තෝල 05ක් සහ ටී -56 ගිනි අවියක් සොයා ගත් බවයි. 

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත විශාල ලොරි රථයක් තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු 02ක් අද (22) උදෑසන හමුවූ අතර ඒ ආසන්නයේ නවතා තිබියදී මෙම ලොරි රථය හමු වූ බවයි.

මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අදාළ නිවස අසල නවතා තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර අද දහවල් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන්ම සොයාගෙන තිබෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සඳහන් කළේ ලොරි රථයක තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

අදාළ ලොරි රථයේ තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)