ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.5%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එය 2025 ජූලි මාසයේදී වාර්තා වුණේ 0.7%ක් ලෙසයි.
එමෙන්ම පසුගිය ජූලි මාසයේදී 2.2%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේදී 2.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජූලි මාසයේදී -0.6%ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේදී 0.4%ක් දක්වා වැඩි වී ඇති බවයි.
(COLOMBOTIMES.LK)