colombotimes.lk
සිංහල | English

17 September 2024


මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි



තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
 
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70-80ත් දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සඳහන්.  

ත්‍රිකුණාලමය සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර 55ක් පමණ දක්ව ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය පහතින්,  


(colombotimes.lk)