මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී ඊයේ (06) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදීයි.
එම අනතුරකින් පාසල් සිසුවිය මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ සිසුවිය රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.
එලෙස මියගිය සිසුවිය වයස අවුරුදු 11ක් වූ අලුකැටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
එම අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
