15 February 2026

logo

සංචාරක කර්මාන්තයට ශක්තිමත් ආරම්භයක්



2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 12වනදා දක්වා කාලය තුළ විදෙස් සංචාරකයන් 401,787දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි. 

එමෙන්ම ගත වූ කාලය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12වනදා සිදු වී තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එදින සංචාරකයන් 12,731ක් මෙරටට පැමිණ තිබෙන බවයි. 

එලෙස පැමිණි සංචාරකයන් අතර වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 44,053දෙනෙක්, රුසියානු ජාතිකයන් 36,949දෙනෙක්, ජර්මානු ජාතිකයන් 28,332දෙනෙක් සහ චීන ජාතිකයන් 22,309දෙනෙක්  ද මේ අතර වන බවයි. 

ඊට අමතරව ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවල්වලින් ද විශාල සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)