කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසනවා.
විදෙස් මදය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති බවයි.
ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බව ඔහු ප්‍රකාශ කළා.
කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදු කරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සියලු ඉරාන වැසියන් සමඟ එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සියTwitter ගිණුමේ සටහන් තබා තිබෙනවා.
(colombotimes.lk)