11 February 2026

logo

හොඳින් වැඩුණු කඳුකර කොටියෙක්ට දිවි අහිමි වෙයි



බගවත්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ ඉහළ කොටසේ තේ වත්තේ ගසක අටවා තිබූ කම්බි මන්දකට අසුවී හොඳින් වැඩුණු කඳුකර කොටියෙක්ගේ සිරුරක් අද (10) හමු වී තිබෙනවා. 

වනජීවි කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ එම වතුයායේ වතු කම්කරුවන් නිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් කඳුකර කොටියන් විසින් දඩයම් කිරීම සහ එම නිවාස අසළ වතු කම්කරුවන් කිහිපදෙනෙක් කිරි ගවයන් ඇති කිරීම හේතුවෙන් තේ වත්තේ සැරිසරන කඳුකර කොටියා අල්ලා ගැනීමට මේ
මන්ද අටවා ඇති බවට සැක කරන බවයි.

කඳුකර කොටියා ඊයේ (09) රාත්‍රියේ කම්බි මන්දට හසු වී ඇති බවත් ඉන් මිදීයාමට උත්සහ කිරීමේදී කඳුකර කොටියාගේ ගෙල ප්‍රදේශය කම්බියට සිර වී ජීවිතක්ෂයට පත් වී ඇති බව වනජීවි කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළා.





 
(colombotimes.lk)