අයර්ලන්තයට එරෙහිව පැවති තරගයේදී ඇති වූ කලවා මාංශ පේශි ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2026 T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ඔහු වෙනුවට මෙතෙක් ICC තවමත් ආදේශකයක් අනුමත කර නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වනිඳු හසරංග වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත සංචිතයට ඇතුළත් කිරීමට ඉඩ තිබෙනවා.
මෙවර ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩා කරන දෙවන තරගය් එළඹෙන 12වනදා ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)
