11 February 2026

logo

පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි



ජනාධිපති ලේකම් කාර්යාලය අසල සත්‍යග්‍රහයක නිරත වී සිටින මාදැල් ධීවර කර්මාන්තයේ නිරත පිරිස් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස පොලීසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

කොටුව පොලිස් ස්ථානය මඟින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ට්‍රැක්ටර්වලට සවි කළ වින්ච් යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයන් සිදු කරන උද්ඝෝෂනය හේතුවෙන් විශාල පිරිසකට පීඩාවක් සිදුවන නිසා එය නවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලීසිය මෝසමක් ගොනු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

එම මෝසම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජනතාවට සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකි බවත් උද්ඝෝෂණය කිරීම ජනතාව වෙත ඇති අයිතියක් බවත්  ප්‍රකාශ කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)