11 February 2026

logo

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ගැන තීරණයක් ගනියි



ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළ දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා ඇතුළු සාමාජිකයන් 07දෙනෙක්ගෙන් සමන්විත ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය අද (10) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි. 

කමිටු නිර්දේශවලට අනුව දැනට ලබාදෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල වැඩි කිරීමට තීරණය වී තිබෙනවා.

එමෙන්ම වෛද්‍යාධාර ලබාදීමේදී පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබාගත හැකි වන පරිදි එම ක්‍රමවේදය සරල  කිරීමටද මෙහිදී එකඟතාවය පළ වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)